රාජ් රාජරත්නම් තුලින් මතුවන බටහිර අර්ථ ක්‍රමයේ හෙළුව

14 Oct 2011

බටහිටයන් විසින් ඇතිකරන ලද කොල්ලකාරී ආර්ථිකය තුල සමාජයේ ප්‍රමුකත්වය ලබා දී ඇත්තේ මුදලටමය. එම නිසා මුදල් පසුපස හබා යාමට මිනිසුන්ව පොළබවා ඇත. අද අප රට තුල වපුරවා ඇති ජනප්‍රිය මිත්‍යාවක් වනුයේ ධනවාදී ආර්ථික ක්‍රමය පෙරදිග සමාජය තුල පැවති සහජීවනකාමි ආර්ථික යාන්ත්‍රණයට වඩා ඵලදායී සහ ක්‍රියාශීලි  එකක් බවය්.  නමුත් අද එලිවෙමින් පවතින යථාර්තය වනුයේ මෙම කොල්ලකාරී ආර්ථිකය තුල ඉහලට මතුවී වැජබුණු බොහෝ ධනවතුන් සමාජ ප්‍රගමනයට ඉවහල්වූ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වුවන් නොව ආර්ථික ක්‍රියාවලිය තුල සැබෑම දූෂිතයන් සහ පරපෝෂිතයන් බවයි.


2009 වසරේදී ඇමෙරිකාවේ වඩාත් ධනවත් පුද්ගලයන් අතර 23 වන ස්ථානයේ සිටි රාජ් රාජරත්නම්, දෙමල ඩයස්පෝරාවේ මූල්‍යමය ප්‍රතිරූපය විය. ඇතැමුන් වහසිබස් දෙඩුවේ මෙවැනි සාර්ථක ව්‍යාපාරිකයන් සිංහල බෞද්ධ සමාජයෙන් බිහි නොවන්නේ ඇයි දැයි අසමිනි!අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම (blue chip) පුද්ගලික අංශ ව්‍යාපාරික ආයතනයේ විශාලම කොටස් හිමියාද විය. ඔහු කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රසිද්දියේ ආධාර එකතු කල බව සහ ලබා දුන් බව නොරහසකි. දෙමල පුනුරුත්තාපන ආයතනය (TRO ) යනුවෙන් අටවා තිබු කොටි ත්‍රස්තයන්ගේ මූල්‍යමය ජලයට ඔහු ඩොලර් මිලියන 3.5 ලබා දී තිබුණු අතර ඇමෙරිකානු ආණ්ඩුව විසින් මෙම මුදල් පසුව රාජ සන්තක කරන ලදී.

කොටස් වෙළදපල ආයෝජනය යනු ධනවාදී අර්ථ ක්‍රමය හදුන්වාදුන් සූදු කෙලීමේ ක්‍රියාවලියකි. වෙනසකට ඇත්තේ මෙතුල ගනුදෙනු සිදුවනුයේ කිසියම් නීති රීති මාලාවකට යටත්ව වීමයි. රාජ් රාජරත්නම් හට දඩුවම් නියම වුයේ මෙසේ සූදු කෙලි නිසා නොව නීතියට පිටින් ව්‍යාපාරික සමාගම් වල ඉදිරිවසරවල ලාබ අලාබ තත්වයන් පිළිබද එම ව්‍යාපාරික සමාගම්වල ඇතුලත සිටින තැරැව් කරුවන් මාර්ගයෙන් දක්ත ලබාගෙන, ඒ මත තම කොටස් මිලදී ගැනීමේ සූදුව හැසිරුවේය යන චෝදනාවටය. සරලව කියන්නේනම් අනුන්ගේ අත්වල ඇති කාඩ් කුට්ටමේ කොළ හොරෙන් දැනගෙන හොරට සූදු කෙලීමේ වරදට හසු වීමෙනි.

කොල්ලකාරී ධනවාදී අර්ථ ක්‍රමය තුල ඇති ප්‍රදාන දුර්වල තාවයක් නම් නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිර්මාණශීලි සහ දක්ෂ ව්‍යවසායකයන් බිහිවන වේගයට වඩා වැඩි වේගයකින් සූදුවේ කෙල පැමිණි, ණීති විරෝදී මාර්ගයෙන් ඉක්මනට පොහොසත් වීමට කැමැත්තක් දක්වන කූට ව්‍යාපාරිකයන් ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇතිවීමය.  පුද්ගලික මූල්‍යමය සංචිත (Hedge fund) මාර්ගයෙන් කොටස් වෙළදපොළ කෙටිකාලීන ආයෝජන කර ප්‍රකෝටිපතියන්  බිහිවනුයේ මෙම ආර්ථික සූදු කෙලියේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම ක්‍රියාවලිය පවතින රටක නිෂ්පාදනය වැඩිවීමක් හෝ සේවාවන්ගේ ගුණාත්මක වර්ධනයක් සිදු නොවී අවසානයේ කඩාවැටීමට ලක් වේ.

අද බටහිර යුරෝපය ණය බර මත කඩා වැටෙමින් පවතින්නේද, ඇමෙරිකාව නැවත ගොඩ ආ නොහැකි ආර්ථිකව අවපාතයකට හසුවී තම ආර්ථික මර්මස්ථානයන් විරෝදතා කරුවන්ගේ ග්‍රහණයට හසුවෙමින් පවතින්නේද මෙම යථාර්තය පසක් කරමිනි.  පසුගිව වකවානුවේ ලන්ඩන් නුවර ආශ්‍රිතව පැතිර ගිය වීථි මංකොල්ලකෑම් වල යෙදෙන්නන්ගේ ප්‍රධාන සටන් පාටයක් වුයේ සුළුතරයක් වූ ධනවත් සමාගම් තමන්ව 365 දිනම කොල්ල කන බවත්, එබැවින් ඔවුන්ගේ දේපොළ කොල්ල කෑමට වඩා වඩාත් දුප්පතුන් වන තමන්ට අය්තියක් ඇති බවයි.

අද ධනවාදී රටවල් පවා තම ආර්ථික යාන්ත්‍රනය ප්‍රසිද්දියේ ප්‍රශ්ණ කිරීමට පමණක් නොව වැරදි කරුවන් හබා ගොස් දඩුවම්කිරීමට පවා පෙළබි ඇත්තේ තමන් වැටී සිටින නරා වලෙන් ගොඩ ඒමට වෙනත් මගක් පෙනෙන මානයක නැති බැවිනි. රාජ් රාජරත්නම් නමැති ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඇමෙරිකාවේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයාට දස වසරක සිරදඩුවම් සහ ඩොලර් මිලියන දහයක අති විශාල දඩයක් නියමවන්නේද මෙම ක්‍රියාවලියේ එක් ප්‍රතිපලයක් වශයෙනි.

ත්‍රස්තවාදය පිටුපස ජාවාරම් කාර ව්‍යාපාරිකයන් නිරතුරුවම සිටි. ඔවුන් එකිනෙකා මත ගහට පොත්ත සේ බැදී ප්‍රතිපොෂණය වේ.  ශ්‍රී ලංකාවේදී ප්‍රධාන කොටි ත්‍රස්තයා වූ ප්‍රභාකරන් 2009 මැයි 18 දින මරා දමා, මාස කිහිපයක් ඇතුලත රාජ් රාජරත්නම් ඇමෙරිකානු රහස් පරීක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගැනීම හුදු අහම්බයක් නොවේ.   කූට ව්‍යාපාරිකයන් රට තුල සූදු කෙලිද්දී බොහෝ විට ඇස් කන් වසාගෙන සිටින ඇමෙරිකානු ආණ්ඩුව ලෝක මට්ටමින් එවැනිම දේසපාලනික සූදුවක යෙදී සිටි. ප්‍රබාකරන් නැමති ත්‍රස්තවාදියා නැති දෙමල ඩයස්පෝරාව අන්තර්ජාතික දේශපාලනයේ නොවැදගත් සාදකයක් වනු දුටු ඇමෙරිකානු ආණ්ඩුව,රාජ් රාජරත්නම් නම් තව දුරටත් දේශපාලනිකව නොවැදගත් ඉත්තා ඇමෙරිකානු ව්‍යාපාරික දාම් ලෑල්ලෙන් කපා දමනු ලැබුවේය.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising