අපි ආදරය කරන ආණ්ඩුව කොයිබටද?

12 Oct 2011

බුදු පියාණන වහන්සේ පවා වරක්  වදාල සම්බුද්ද සාසනය විනාස කරන්නේ පිටස්තරයන් නොව ශාසණය තුල සිටින්නන්මය කියා. අද මහින්ද රාජපක්ස ආණ්ඩුවටද සිදුවෙමින් පවතින්නේ එයමය. එක අතකින් යුද්දයේ අවසාන භාගයේ ජනපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නට යය පවසමින් පැමිණි දුමින්ද සිල්වා වැනි මැර කුඩු මුදලාලිලා තම සුපුරුදු ජන්ම ගති පෙන්වමින් ජඩ ඝාතන සංස්කෘතිය ප්‍රසිද්දියේ එළිදක්වමින් සිටින්නේ දීර්ගකාලීනව ප්‍රගතිශීලි පිල සමග සිටි භාරත ලක්ෂ්මන් වැනි දෙසපාලකයන්ව අමු අමුවේ මරා දමමිනි.

මෙම මර දේසපාලුවා පිටුපස පසුගිය සමයේ වැඩිපුරම ගැවසුණේ නාමල් රාජපක්ස බව අප කාටත් රහසක් නොවේ. අනිත් අතට ඝාතනයට දිනකට පෙර මෙම කුඩු මුදලාලි සමග කොලොන්නාව ආසනයේ ඔහුගේ ආධාර කරුවන්ගේ ජය තහවරු කෙරීමට සංචාරයට ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ එකතුවී සිටිනු අපි දුටුවෙමු. පාතාල කල්ලි මර්දනය කරන බවත්, කුඩු මුලිනුපුටා දමන බවටත් වහසි බස් දොඩන ආරක්ෂක ලේකම්තුමා ලොකුම පාතාල කල්ලි ආරක්ෂකයා සහ කොලබට කුඩු බෙදාහරින ජාලයේ ප්‍රමුකයා වන දුමින්ද සිල්වා සහ ඔහුගේ පාතාල මැරයන් පිරිවරා ගෙන කොලොන්නාවේ සැරිසැරීම තරම් තවත් විහිළුවක් කොය්න්ද?

මේ අතර කැලණියේ මර්වින් සිල්වා නම් වූ පිස්සු බල්ලා බැද දැමීමට රාජපක්ස ආණ්ඩුව තවමත් සමත් වී නැත. ඔහු ප්‍රසිද්දියේ ජනතාවට පහර දෙනවිට මහින්ද රාජපක්ෂ බුදිය. මෙම හැසීරීමට හේතුවක් තිබිය යුතුය. නැතිනම අප ජනතාව වසයෙන් හේතුවක් හොයාගත යුතුය. මේවා තව දුරටත් වීමට ඉඩ දී ඇස කන් පියාගෙන නිවටයන් සේ සිටිය යුතුද?  මර්වින් යනු මහින්දගේ ගමේ මිනිසෙකි. මහින්ද මර්වින්ට මෙතරම් බය ඇය? මර්වින්ට ඇත්තේ ද කකුස්සි කටකි. ඇතැම් විට මහින්ද තරුණ කාලේ කල නොපනත් කම් මර්වින් දන්නවා වියහැක. ඉතින් මර්වින් මොනවා කරත් මහින්ද ගොළුවකු බීරෙකු ලෙස සිටිනවා හැර කුමක් කරන්නද?  එය මෙසේ නොවේනම් මහින්ද දැන් මර්වින්ට විරුද්දව ක්‍රියා කලයුතුය. නැතිනම් අප සිතනා දෙය සත්‍යක් බව අප තහවරු කරගන්නෙමු.

අනෙක් අතට නාමල් රාජපක්ෂ නම් පැගිරි කොල්ලෙකු දේශපාලනයේ මුදුනට නැංවීමට මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ තදියමකි. නාමල් යනු කොලබ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලැබූ පල්ලියේ ආභාෂයෙන් එම සංස්කෘතියට වැඩුණු නාස්තියට බර පුත්‍රයෙකි. ආණ්ඩුවේ බොරු ශෝබන සහ නාස්තිකාර වියදම් වලට මුල නාමල් රාජපක්ෂ මිස වෙන කිසිවකු නොවේ. මෝටර් රථ දාවන තරග වල සිට වෙරළ ක්‍රීඩා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආදිය දක්වා සියලු නාස්තිකාර වියදම් එක පුද්ගලයකුගේ මනදොල සැපිරීමටය.  නාමල් රාජපක්ෂගේ කුළුපග දේසපාලන සගයන් පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව දුමින්ද සිල්වා, ජොන්ස්ටන් වැනි හොද UNP කාරයන්ය. එහෙමත් නැතිනම් සනත් ජයසූරිය වැනි ජනතාව සමග දේශපාලනය නොකරන දේසපාලන පැරෂුට් බටයන්ය.

මෙම ආණ්ඩුව ඇතුලත සිටම ලනුදෙන නිලදාරීන් ද ආණ්ඩුව විනාශකරමින් සිටි. මේ රටේ හමුදාව සහ සේනාධි නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාව අන්තර් ජාතික අධිකරණයේ දැන් ගෙඩියට ගෙනයාමට බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර අදිරාජ්‍ය වාදීන් කසකවද්දී, යටත් විජිතවාදයේ මහා සැමරුම වන පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම හම්බන්තොට පැවැත්වීමට මහජන මුදල් බිලියන ගණනින් කිරීමට ආණ්ඩුවට උපදෙස් සපයන්නෝ කවරහුද? අදිරජ්‍යවාදයේ මහ සමරුම හම්බන්තොට පවත්වා බ්‍රිතාන්‍ය රැජින ද ගෙන්වාගෙන මහින්ද රාජපක්ස මහතා පවසන කතාවට සවන් දීමට අපි දෑස් දල්වා විස්මයෙන් බල සිටින්නෙමු.

මෙම ආණ්ඩුව තවමත් හරිමගට ගත හැකියය් අපි සිතන්නෙමු. පරගැති විපක්ෂය යනු මෙයට විකල්පයක් නොවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ප්‍රගතිශීලී මාවතේ තවදුරටත් ඉදිරියට යා නොහැකිනම් ඔහුට වඩා ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී නායකයකු බිහිකර ගැනීමේ අබියෝගයට අප සූදානම් විය යුතුය.

Bookmark and Share Related Posts with Thumbnails

3 comments:

buwa said...

හි හි හි ............ බැනල බැනල ආයෙමත් කඩේ යනව අන්තිම ඡේදයෙන් . කොහොම උනත් ඔබතුමාල බලාපොරොත්තු වෙන "ජාතිකත්වය" තියන නායකයෙකුට විකල්පයක් නැහැ , මහින්ද මහත්තය ඇරුණාම . ලිපියේ කරල තියෙන විවේඡණයන් සමහරකට එකඟයි , පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලියට මාත් විරුද්ධයි අධික වියදමක් නිසා (ඔබතුමාගේ හේතුන් නිසා නෙවෙයි ) . වෙරල ක්‍රිඩා උත්සවය වගේ අපිට දරා ගන්න පුලුවන් මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන් වල නම් මම වැරැද්දක් දකින්නේ නැහැ

aisha said...

Volvo 780 Turbo

I just came across your blog and found it be really helpful in my evaluation

Anonymous said...

hon maithripala sirisena politician of the new era !!!

 
 
 

Adaderana Sinhala

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising