කොලඹ ඡන්දය – නිදහස් ශ්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලනික සටන

5 Oct 2011

කොලඔ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වුයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික අවශ්‍යතාවයක් නිසා නොව හුදුභූගොලිය වශයෙන් බටහිරට මුහුණලා පිහිටි බැවිනි. වාරි කෘෂිකර්මාන්තයට  හුරු ශ්‍රී ලාංකිකයාට කොලඔ වැනි වගුර සහිත බිමක ජනාවාස ඇති  කරගැනීමේ ස්වභාවික අවශ්‍යතාවක්  කොහෙත්ම නොතිබුණි. එබැවින් බටහිර ආක්‍රමණ ඇතිවන තෙක් කොලඔ ශ්‍රී ලංකාවේ ජන ශූන්‍යම ප්‍රදේශයක් විය.

පෘතුගීසීන්ගේ සිට ඉංග්‍රීසීන් දක්වා වූ යටත් විජිත ආක්‍රමණිකයන් බටහිටින් පැමිණි ජාතීන් විය. බටහිර වෙරළ ආශ්‍රිත කොලඔ අගනගරය ලෙස තොර ගැනුනේ ඔවුන්ගේ ආරක්ෂාව සහ ගමන් පහසුව නිසාම විය.  1948 දී ඍජු සම්පත් කොල්ලය අවසන් වූ පසු, ක්‍රමානුකුලව බිහිකරගන්න ලද මානසික දාසයන් වූ ස්වදේසික කොම්ප්‍රදෝරුවන්ට තමන් අත වූ පාලනය බාර දී බටහිරයන් ඉවත්ව යන ලදී. පාලන බලය ලබාගත් බටහිර මත යැපුණු කළු සුද්දන් දිගටම කොලඔ අගනගරය ලෙස පවත්වා ගන්න ලදී.

අදත් කොලඔ දේශපාලන බලය බටහිරට ගැති  පක්ෂ වලට වැඩි බරක් දරන්නේ මෙම ඓතිහාසික බලපෑම හේතුවෙනි. යටත් විජිතවාදීන් කොලඔ යටත් කරගත් කල සබැ දේශහිතෛශී ස්වදෙශිකයන් හතුරා සමග සටන් කිරීමේ බලාපොරොත්තුවෙන් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වූ කල, සතුරා සමග එක්වූ පාවාදෙන්නන් සහ වෙනත් ලබා ප්‍රයෝජන අපේක්ෂාවෙන් හතුරා සමග සහජීවනයට කැමති වුවන් (බොහෝ විට සතුරා ආක්‍රමණයකදී සතුරා සමග සටන් නොකර ඔවුන් සමග එක්වන්නේ තමන්ගේ නිජ බූමිය නොවන දේශයක ජීවත් වන්නන්ය) කොලඔට සංක්‍රමණය විය. අදත් කොලඔ වෙසෙන පාරම්පරික ජනයා යනු මෙම පාවා දුන්නගෙන් පැවතෙන්නන්ය. මොවුන්ගේ චින්තනය හැඩ ගැසී ඇත්තේ බටහිරට වහල් අයුරිනි. මෙම ප්‍රදේශයේ ආගමික සහ අධ්‍යාපන යාන්තරණය දිගටම මෙම වහල් මානසිකත්වය පවත්වා ගැනීමට සුද්දන් අපූරුවට සකස්කර යන ලද්දකි.  එබැවින් මොවුන් එදා මෙන් අදද බටහිරට ගැති දේසපාලන පක්ස සදහා ඡන්දය දීමට වැඩි නැබුරුවක් ඇත.

වෙළදාම මත යැපෙන ඇතැම් ජාතීන්ගේ සංක්‍රමනයන්ද වාණිජ කටයුතු හේතුවෙන් කොලඔට කේන්ද්‍ර වී ඇත. ඔවුන්ගේ ජීවිකාව නිෂ්පාදනය නොව හුදු වෙලදාමින් ලාබ ලැබීමයි. ජාතික ආර්ථිකය මත වැඩි  බරක් යොදන පාලනයකට වඩා මොවුන් තම වාසිය පිණිස වඩාත් නැබුරු වනුයේ කොල්ලකාරී වෙළද ආර්ථිකයකට නැබුරු දේශපාලන පක්ෂ කෙරිහිය.

මේ අය අතර තවත් අසරණ ජන කොට්ටාසයක් ද කොලඔ නගරයේ වෙසෙති. මොවුන් නම් අන්ත අසරණ දුක්ඛිත ජීවිත ගත කරන මුඩුක්කු හා පැල්පත් වාසී ජනතාවය්. මොවුන්ද යටත් විජිත සමයේ කර්මාන්තශාලා වල හෝ වෙනත් සුළු රැකියා සදහා කොලබට සංක්‍රමණය කරවා ගන්න ලද ජන කොටසක වර්තමාන පිලිබිබුවයි. ඔවුන්ට අද  උරුමවී ඇත්තේ යටත්විජිත වාදීන් උරුමකර ගිය යැපුම් ආර්ථිකයේ කරුමය වුවද අවාසනාවකට මෙම කරුමය ඔවුන්ගේ උරුමය යය විශ්වාස කරන්නන් බවට පත් වී සිටී. යටත් විජිත සමයේ සිට පැවති සහ සම්බන්දය නිසාදෝ මොවුන් අද පවා  වැඩි විශ්වාසයක් දක්වන්නේ කොම්ප්‍රදෝරු දේශපාලන පක්ෂ කෙරිහිය.

කොලඔ නගරයේ වර්තමාන සමාජ-දේශපාලන පසුබිම යටත් විජිත ආක්‍රමණය යන ඓතිහාසික සිද්ධියකඵලයක් ලෙස ලැබුණු විකෘර්තියකි. ත්‍රස්තවාදයත් ඔවුන්ට සහය දුන් බටහිර අදිරාජ්‍ය වාදීනුත් 2009 වසරේදී එකවර පැරදවීමෙන් ඇරබුනු ශ්‍රී ලංකාවේ සැබෑ නිදහස් අරගලයේ අවසන් අදියර ලෙස බටහිර ගැත්තන්ගේ මහා බලකොටුව වන කොලඔ නාගරිකය දේශපාලන වසයෙන් ජය ගැනීමේ බරපතල අබියෝගයට අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටි.

මෑත ඉතිහාසයේදී ආණ්ඩුව (විශේෂයෙන්ම ගටාය රාජපක්ස මැතිතුමා) කුණු කදු ඉවත් කරලා මාර්ග සංවර්දනය කරලා ආදී වසයෙන් දැනෙන යමක් කොලබ නගරයට සිදු කර ඇත. විශාල මහනුවර ආකාරයෙන් LTTE ත්‍රස්තයන්ගේ බලපෑමට ගොදුරුවී තිබු , බෝම්බයක් නොපිපුරුන පාරක් නැති තරම් උන කොලබ නගරයේ මරබිය දුරුකලේ මෙම ආණ්ඩුව නොවේද? මෙව්වට කෙලහිගුනයක් කොලබ නාගරිකයන්ට තිබේද වගේ ප්‍රශ්න චන්ද ප්‍රතිපලයෙන් දැනගන්න ලැබෙනු ඇත. 

මෙහි ඡන්ද ප්‍රතිඵලය නව ශ්‍රී ලංකාව තුල කොලඔ නගරයේ අනාගත ඉරණම තීන්දු කරනු ඇත. ආණ්ඩුව කොලඔ ජය ගත හොත් මෙරට නව ගමන් මගේ තීරණාත්මක වැඩ කොටසක් තව දුරටත් කොලඔට පැවරෙනු ඇත. වෙනත් ප්‍රතිඵලයක් ලැබුනහොත් ආණ්ඩුව යටත් විජිත වාදයේ ශාපලත් නගරය තව දුරටත් බරක් කර නොගෙන බහුතර ශ්‍රී ලාංකිකයන් සමග එකට සිටගත හැකි ජනතාවක් වෙසෙන විකල්ප ප්‍රදේශයක් තෝරාගෙන එය නවීන අග නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පෙලෙබීම නොඅනුමානය.  ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව තුල පළමු තීරණය ඇත්තේ කොලඔ නගරයේ වෙසෙන ජනතාවටය. ඔවුන්ගේ තීරණය මත රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස්වනු ඇත.

සැ.යු. මෙම ලිපියේ පාරම්පරික කොලබ නාගරික වැසියන් ලෙස හදුන්වනු ලැබුවේ යටත් විජිත සමයේ වාසී තකා සුද්දන්ට එක්වූ වැසියන් සහ ඔවුන්ගේ දු දරුවන් මිස නිදහසින් පසු පවතින යථාර්තය හේතුවෙන් කොලබට සංක්‍රමණය වුවන් නොවන බව කරුණාවේන් සලකන්න.

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

Because of people like you the GOVT will never win Colombo. People of Colombo are the most intelligent in Sri lanka and vote based on fundamentals and not on emotions and promises. As a Sinhala Buddhist I do not like the GOVT and their racist elements talking about there own people like this and try to ridicule people who vote for the opposition. Having said that you people do not have basic manners to acknowledge that it is ones human right to vote for who you like and not what racist, ignorant GOVT that is non-respectful of other opinions, human-rights and manners say. As a start of winning Colombo try to stop the rampant corruption that is happening in the name of development.

 
 
 

Adaderana Sinhala

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising