ඉතිහාසය පුරා අද්‍යාත්මික වශයෙන් කිසිදු හික්මීමක් නොලබා තිබු බටහිර ජාතීන් කාර්මික විප්ලවය තුලින් යම් උත්තේජයක් ලැබීය. එතුලින් ලැබූ ආශ්වාදය තුල අන්රටවල් ආක්‍රමණය කර ඒවායෙහි සම්පත් කොල්ලකාගැනීමට ඔවුන් නිතැතින් පෙලබුනි. සම්පත් රැස් කරගැනීමේ උන්මාදයෙන් පෙළුණු පාලකයන්ට ඒවා සාදාරනී කරණය කරගැනීමට කතෝලික පල්ලිය විසින් ලබා දුන් කොන්දීසිය වුයේ කෲරතර මිනිස් ගාතන සහ සම්පත් කොල්ලය දෙවියන් ඉදිරියේ හිලවු කිරීමට කතෝලික ආගම එම රටවල් වල පතුරවන ලෙසය්.1505 දේ පරංගින් මෙරටට ගොඩ බසිනු ලැබුවේද මෙහි ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් ඔවුන්ට තීරණාත්මක ලෙස රජයට මැදිහත් වීමට ස්වදෙසිකයන්ගේ අසමගිය ඔවුන්ගේ තුවක්කු බලයට වඩා ඉවහල් වුනි. මුළු ආසියාවේම මෙන්ම අප්‍රිකාවේද මෙම ස්වාදෙසිකයන් අසමගි කෙරීමේ උපක්‍රමය බටහිර ජාතීන් ඉතා සූක්ෂම ලෙස බාවිතා කරන ලදී. මේ කාර්ය සදහම ඔවුන් තමන්ට හිතවාදී කණ්ඩායමක් එම රටවල බිහි කරගන්න ලදී. මෙම පිරිස තෝරාගනු ලැබූයේ කුල පීඩනය සහ වෙනත් සමාජමය හෝ සංස්කෘතිකමය වසයෙන් කිසියම් නොගැලපීමකට ලක්ව සිටි ස්වදේශික ජන කණ්ඩායම් අතරිනි. ඔවුන්ව දේශපාලන සහ ශාස්ත්‍රීය වසයෙන් අප අද හදුනාගනුයේ “කොම්ප්‍රදොරුවන්” (comprador) ලෙසිනි. මෙම පෘතුගීසි වචනයේ තේරුම මිලට ගන්න (buyer) යන්නය. මුලදී ඔවුන් ආක්‍රමණික ජාතිය සහ ස්වාදෙසිකයන් අතර ගනු දෙනු වල අතර මැදියකුගේ බූමිකාව ඉටුකරනු ලැබිණි.
මෙම උපායමාර්ගික කාර්ය කරන පැලැන්තිය වැඩි වැඩියෙන් බෝ කරගැනීම සදහා බටහිර හාම්පුතුන් ඉතා පැහැදිලි අවියක් බාවිතා කරනු ලැබිණි. එනම් වරදාන (rewards) ප්‍රදානයය්. මෙම වරාදනයන් ඍජු මුදල් වසයෙන් හෝ ගනුදෙනුවල කොමිස් මුදල් ලබාදීම ලෙස ඇරබිණි. ක්‍රමයෙන් වෙරළබඩ පෙදෙස් ඔවුන්ගේ ග්‍රහණයට යොමුකරගත් පසු එම ප්‍රදේසවල ව්‍යාපාරවල (සුරා වෙළදාම වැනි) ඒකාධිකාරය, ඉඩම් වල පාලනය වැනි අංශද කොම්ප්‍රදොරුවන්ගේ අතට පත්කරන ලදී. බටහිර හාම්පුතුන්ගේ සිත් වඩාත් හොදින් දිනාගත් පිරිසට දේශපාලන බලයෙහි කොටසක්ද ලැබුණි. මෙහි අවසන් ප්‍රතිපලය වුයේ බටහිර යටත්විජිත වාදීන් සහ කොම්ප්‍රදොරු ස්වදෙසිකයන් එකිනෙකා මත දැඩිලෙස රදාපවත්නා තත්වයකට පත්වීමය්.
මෙම ස්වෙදෙසිකයන් බහුතරය දිගටම තමන්ගේ මුල් ආගම ඇදහීම සිදු කරමින් පැවතිනි. නමුත් බටහිර හාම්පුතුන් ලබාදුන් න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමේදී තමන් විස්වාස කල ස්වදේශික ආගමික මතයන් ඔවුන්ගේම හෘද සාක්ෂියට පීඩනයක් ඇති කරනු ලැබීය. බය්නේත්තුවේ බලයෙන් කල ආගම පැතිරවීමට අමතරව කතෝලික ආගමට නැවතත් මානුසික වාදී මුහුණුවරින් මතුවීමට හැකියාව ලැබුනේ මෙහෙදීය. එම සියලු අකටයුතු කම් කරනුයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත බවත්, ඔහුව භක්තියෙන් විස්වාස කරනු ලබූවොත් කරන සියලු නොපනත් කම් සදහා දිව්‍යමය සමාව ලබාගත හැකිබවත් සුදු හාම්පුතුන් විසින් කොම්ප්‍රදෝරු ස්වදෙසිකයන්ට දැනගන්න සැලැස්වීය. මේ ආකාරයට බටහිර ආක්‍රමණික හාම්පුතුන් තම සුවච හෙන්චෛයන්ගේ ජීවත්වන භවය පමණක් නොව මරණින් පසු ආත්මයද (soul) බොරු පොරොන්දුවක් ලබාදී කතෝලික ආගම මගින් යටත්විජිතකරණය කරගන්නා ලදී.
1948 දේ අදිරජ්‍යවාදීන් මෙරට හැර යනවිට මෙම ස්වදේසික කොම්ප්‍රදොරු වහල් මානසික දාසයන් බුරුතු පිටින් බිහිකර අවසන් කර තිබුණි. මේ සදහා පල්ලියත්, පල්ලිය මූලික වූ බටහිර අද්‍යාපනයත් සලකියුතු ලෙස දායක විය. අනෙක් අතට ක්‍රමානුකූලව අදිරාජ්‍ය වාදීන්ගේ න්‍යාය පත්‍රයට අනුව චන්ද බලය කොටස් වසයෙන් ලිහිල් කරමින් ලබාදීම තුල මෙම කොම්ප්‍රදොරු පැලැන්තියට ක්‍රමානුකූලව හා උපායශිලීව දේශපාලන බලය පවරාදී තිබුණි. සර්වජන චන්ද බලය ලබා දෙන අවදිය වන විට දේශපාලන බලය මුළුමනින්ම අදිරාජ්‍ය වාදීන්ට කබුරනු ලැබූ කොම්ප්‍රදොරුවන් අතය.
සුද්දන් රට හැර ගියේ ඔවුන්ටත් වඩා හොදට එම න්‍යාය පත්‍රය අනුගමනය කල හැකි ටොප් හැට් පළදින ඉංගිරිසියෙන් හිතන කළු සුද්දන් දේශපාලනයේ ඉහලම පුටුවල තබාය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විපක්ෂයක්ද අවශ්‍ය උනි. එංගලන්තේ ඉගනීමට ගොස් සිටි තවත් කොම්ප්‍රදොරුවන්ගේ දරුවන් කොටසක් කොලොම් තොටට නැවත ගොඩ බැස්සේ මොලේ ඔල්මොරොන්දන් වූ කාල් මාර්ක්ස්, එංගල්ස් වැනි හම්පඩ සුද්දන්ගේ මතවාද හිස් මුදුනේ තබාගෙන අලුතින් ආගමක් සොයගෙන පැමිණියවුන් ලෙසය. වහල් මානසිකත්වයෙන් පීඩිතව සිටි ස්වදෙශි සමාජයේ වෛරය මොවුන්ගේ සුරන්ගනා කතා වලට හිලවු විය.
බලය ලබාගත් කොම්ප්‍රදොරු පන්තිය සෑම වසරකම පෙබරවාරි 04 දින තම පැලැන්තියට සුද්දාගෙන් උරුමවූ නිදහස සමරන ලදී. අහිංසක පොදු ජනයාට තිබුනේ එයට හුරේ දැමීමත් චන්ද දින වලදී ඔවුන් ඉදිරිපත් කරන නියෝජිතයන්ට කතිරය ගසා විත් නිෂ්ක්‍රීය පුරවැසියන් ලෙස උපන් බිමේ ජීවත් වීමටත්ය. මෙම අදුරු ඉතිහාසය දැනගෙන එය විචාර බුද්දියෙන් කියවා කවුරුන් හෝ තේරුම් ගනු ඇතය් බියවූ පාලක පැලැන්තිය ඊලගට කලේ ඉතිහාස විශය අධ්‍යාපනයෙන් කුණු කූඩයට හෙලීමය. මෙසේ 1948 සිට 2005 දක්වා වසර හැටකට ආසන්න කාලයක් මෙරට පාලනය කෙරීමට කොම්ප්‍රදොරු පන්තියට හැකි විය.
ආශ්‍රිත ලිපි (References) – 01

0 comments:
Post a Comment