වෙසක් කූඩු සහ විකෘති සමාජය

13 May 2011

වෙසක් දිනයත් වෙසක් හා බැදුන වෙසක් කූඩු දැල්වීම වැනි ආමිස පූජාමය වත් පිළිවෙත් දෙස වඩාත් ඇස ගසා සිටිනුයේ බටහිට ගැති ඊනියා ලුම්පන් ව්‍යාපාරිකයන්ය. බටහිර යනු වස්තු කාමයත් බල කාමයත් මත ගොඩ නැගුනු සංස්කෘතියකි.
 
පෙරදිගින් හෝ මැද පෙරදිගින් සංක්‍රමණය වූ ආගමි කිහිපයක ඉද හිට හැමූ ආටෝපමය සුළග මිස වෙනත් කිසියම් වූ ආධ්‍යාත්මක හැදියාවක් නැති ධනවාදී හා යුද වාදී බටහිරයන්ට ආගම යනු තවත් මුදල් උපයන අවස්ථාවක් පමණක්මය. අද වනවිට නත්තල් දිනයට උරුමවී ඇත්තේ එම යථාර්තයයි. බටහිර ගැති අපගේ කළු සුද්දන්ගේ සිතුම් පැතුම් ඇතැම් විට බටහිරයන්ටද  වඩා අන්තගාමී වේ.

වෙසක් දිනය යනු බෞද්දයන්ට වැදගත්ම දිනයයි. නමුත් ලංකාවේ ධන වැද්දන්ට වෙසක් දිනය යනු මෝඩ පාරිබෝගිකයන් රවටාගැනීමට තවත් අවස්ථාවක් පමණක්ම වේ. ඔලු බක්කන්ගේ සිට සුබ පැතුම් පත් දක්වා ඔවුන් යුහුසුළුව ක්‍රියාත්මකව සිටී. වෙසක් කුඩුව යනු මේයින් වඩාත් ඛේදජනක ඉරනමකට ගොදුරු වී ඇති ආගමික සංකේතයකි. 

බුදුන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත්වීමත් සමග ලෝකයට අවිද්‍යාව දුරුවී ආලෝකය පහල වුනි. වෙසක් දිනයේ බෞද්දයන් වෙසක් කූඩු දල්වනුයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සම්බුද්දත්වය සංකේතාත්මකව දැක්වීමටය. එය ආලෝකයේ සහ සම්බුද්දත්වයේ සංකේතාත්මක ආගමික නිරූපනයකි.

මුදල් පසුපස හබා යන සමාජීය පසුබිමක මෙම සංකේතාත්මක වෙසක් කුඩුව දැඩිලෙස විකෘතියකට පත්වී ඇත. වෙසක් දිනයේ වැඩි පිරිසක් නගරයට ඇදෙනබව ඊනියා ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ වෙළද ප්‍රවර්දකයන් හොදින්ම දනී. එම නිසා  අද අගනුවර වැඩිපුර දැල්වෙනුයේ ශ්‍රද්දාව මත ස්වේච්ඡාවෙන් සදනු ලැබූ කූඩු වලට වඩා ආයතන වල සේවකයන් ලවා එම ආයතන වල ප්‍රචාරාත්මක කටයුතු සදහා සාදන ලද කූඩුය. ඒවායේ ප්‍රමුඛව ඇත්තේ ආයතනයේ ව්‍යාපාරික ලාංචනය වේ (company & brand symbols ) . මේවා වෙසක් දිනයේ දල්වන "marketing & branding " කූඩු මිස කිසිසේත් වෙසක් කූඩු නම් නොවන්නේමය. මේවායේ බෞද්ද සංකේත ඇත්තෙම නැති හුදු විකෘතීන් පමණක්ම වේ. 
 
බුදු දහම යනු දැඩි ආශාව වෙනුවට දානයත්, තරගකාරීත්වය වෙනුවට සහජීවනයත් අගයන සර්වකාලීන දර්ශනයකි. සරල යහපැවැත්ම එහි මූලික හරයකි. 1977 වර්ෂයෙන් පසුව ඇති වූ විකෘතිය තුල උඩු යිකුරු වූ සමාජය තුල තවමත් සිවිල් බලය හිමිව ඇත්තේ බොරුව සහ වංචාව මත මුදල් හබා යන වංචා කාරී ව්‍යාපාරිකයන් අතලොස්සකටය.  
  
මෙම වෙසක් දිනයේ ඔබත් නාගරික ප්‍රදේශ වල සැරි සැරුවහොත් මෙවැනි  බොදු සළු පිලි දවටාගත් කූට ව්‍යාපාරිකයන් ඔබටම හදුනාගත හැකි වනු ඇත. නියම බෞද්දයන්ගෙන් වෙන් කර  ව්‍යාජ ධන වැද්දන් හදුනාගැනීමට මෙවර වෙසක් දිනය යොදාගන්නමෙන් සකල ලක් වාසී සැදැහැවත් බෞද්දයන්ට ආරාධනා කරන්නෙමු. ඔවුන් මේ ඔච්චන් කරනුයේ නියම බෞද්දයන්ගේ සැදැහැති  බවට සහ බුද්ධියට බව අප කිසි සෙත් අමතක නොකර යුතුය.

Related post:
- Vesak Lanterns (kudu) and Buddhism (4 May 2010)

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

බහු ජාතික හෝ අපේ කළු සුද්දන්ගේ සමාගමකින් පිරිත් පින්කමක් කලත් උන් එකෙන් ලාබ බලාපොරොත්තු වෙනවා. මුන්ගේ ජීවිතය ගෙවන්නේ මනුස්සකම් ගුනධර්ම මත නෙමෙය් සල්ලි කොළ, හොර ගෑනු, කොමිස්, රට සවාරි, සූදුව වගේ දහ ජරාවල් එක්ක.

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising