නයාට ගසා පොල්ල වරද්දා ගැනීම හෙවත් යැංකි-බකමූන් කෝලම

2 May 2011


ඇමරිකාව සිතා සිටින්නේ මේ රටේ බහුතරයද  අනෙකුත් බොහෝ රටවල මෙන් ගොන් කිරි බී වැඩුන රටේ මොඩයන් යයි කියාය. නමුත් ඔවුන් නොදන්නා සත්‍ය වනුයේ මෙරටේ බහුතරයක් අවුරුදු හතරක් පහක් යනතුරු මවු කිරි බී මොලය හොදින් වැඬුණු මිනිසුන් බවය. මිහිතලය වනසමින්ද  සම්පත් කොල්ලකමින්ද  යුද කලහකාරීව ජීවත් වන බටහිර ජාතීන් අපිට මානව අයතිවාසිකම් ඉගැන්වීමට පැමිණීම   විහිළුවක් පමණක්ම වේ.

බොදු හැදියාව සහ සිංහල සංස්කෘතිය සමග වැදුන ශ්‍රී ලාංකිකයන් වන අප මිනිසුන් පමණක් නොව සතා සිව්පාව සහ ගහ කොළ වලටද ආදරය කරන්නෙමු. මේගැන බටහිරින් වැදී  බණ අසන්නට අපට අවශ්‍ය නැතිබව ඔවුන් දැන්වත් අවබෝද කරගත යුතුය. ත්‍රස්තවාදය සහ බලහත්කාරයට එරෙහිව සටනේදී අපි ජාතියක් ලෙසින් කොන්දීසි විරහිතව එක්වූ ලෙසින් ජාත්යන්තර බලපෑම් වලට එරෙහිවද එකාවන්ව සටන් කරන්නෙමු.


මේ රට කලක් යටත් විජිතය වීමේ පව අපි තවමත් ගෙවමින් සිටින්නෙමු. එදා සුද්දන්ගේ පස්සා පැත්ත ලෙවකා  මුදල් සහ වෙනත් තානාන්තර ලබාගත් පවුල්වල බලු ගැත්තන් තවමත් තම බටහිර ස්වාමියට සේවය කරන්නට සැදී පැහැදී සිටින්නේය. ඩොලර් පසුම්බියක් හෝ පිටරට සවාරිය දික් කලවිට මෙම විලි ලජ්ජා නැති කුක්කන් ඕනෑම අසමජ්ජාති වැඩක් කරන්නට සූදානම්ය. ලැජ්ජාව මුන්ගේ තිබිරි ගෙය තුලදීම වලලා ඇත්තේය. කුලියට ලියන බඩගොස්තර වාදීහු මෙහි මුලින්ම සිටින්නේය. යටත් විජිත සමයේ ලබාගත් අනියම් වරප්‍රසාද රැකගැනීමට දත කන දේසපාලුවන්ද ඇතුලින් සිට බටහිර වැද්දන්ට උඩගෙඩි දෙනබව අපි හොදින්ම දන්නෙමු.

මෙරට තුලින් සහයෝගයක් නොමැතිව,  BAN KI MOON ට තබා කිසම ජගතෙකුට මෙරටට ඇත තැබිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි කරුණකි. මෙරට දේසපාලන බලය ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගැනීමට නොහැකි බව UNP ය මෙන්ම ඔවුන්ගේ බටහිර හම්පුතුන්ද දැන් හොදාකාරවම හදුනන්නේය. මෙරට "REGIME CHANGE" කලහැක්කේ මිල්ටරීමය මැදිහත්වීමකින් හෝ වෙනත් අත පෙවීමකින් පමණි.

යුද අපරාද චෝදනාවට මුල පුරනු ලැබුවේ සරත් ෆොන්සේකා නම් වියරු ස්වාර්ථකාමී දූෂිත බල උන්මත්තකයා බව අපි හොදින්ම දන්නෙමු. ශ්‍රී ලාංකීය ඉතිහාසය පාවාදීම් වලින් විරලවුවක් නොවේ. හැමදාමත් සතුරා පාවිච්චි කලේ මෙවැනි බලකාමී මෝඩයන්මය. සතුරාගේ ප්‍රදාන ශාක්ෂිකරුවා  අද සිරකරුවෙකු වී සිටීම ජාතියේ වාසනාවකි. නැත්නම් වාචාල හා නොහික්මුණු කල වැද්දන් ජාතියට බොහෝ දේ මේ වෙන විටත් අහිමිකරවීමට හොදටම ඉඩ තිබුණි.

රනිල් වික්රමසින්හ නම දේසපාලන නපුංසකයා මෙහෙදී හැසිරෙනුයේ කසාය බිවූ ගොළුවෙකු මෙනි. ඔහු තොත්ත බබාය. ඉද හිට ඔහුගේ ඔඩොක්කු කුක්කෙකු හඩලන්නේය. ජාත්‍යන්තරයට එකකුත් ජනතාවට තවකකුත් කියා අවසානයේ ජනතාව ගොනාට ඇන්දවීම UNP යේ පතෝල න්‍යාය වී තිබේ. සත්‍ය නම් UNP දේසපාලනය මෙරට නොව බ්‍රිතාන්‍ය තුල මුල්බැස ඇති බැවින් බටහිර සහ UNP යනු සහ සංවාසයේ යෙදෙන දෙපර්සවයක් බවය.

මහින්ද රාජපක්ෂ යනු ජනතා වාදී නායකයෙකි. ඔහු බටහිර අද්‍යපනයෙන් හෝ සිතුම් පැතුම් වලින් ඔද්දලුවූ තවත් වණයක් නොවේ. අව්‍යාජ ගැමිකමත් හෙළ හැදියාවත් ඇති ජනසම්මත නායකත්වය සමග ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන නැවැත්වීමෙ ඇමෙරිකානු හෝ අනෙකුත් බටහිර අදිරාජ්‍ය වාදීන්ගේ සිහින එකිනෙක බිදෙ හෙලීමට ශ්‍රී ලාංකීය ජාතිය නැගී සිට ඇත. අපි ආසියාව සමග වඩාත් යහපත් හෙටක් වෙනුවෙන් ගොඩැනැගේන්නෙමු.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising