හිතේ අමාරුවට ලියවුන කවි

15 Jun 2009

(An excerpt from'බ්ලොගීගේ ඩයරිය)
Note: Read it slowly and read it full. And Do not forget to read the foot note at the end.

මෙච්චර කල් නොලීවාට බ්ලොගී ගේ ඩයරියේ
අද ලියනවා කවි පද ටික ගලපල හදිස්සියේ‍

මෝඩයාගේ දවසේ මම බ්ලොග් ලිව්වට පස්සේ
නැත මේ අද වන තුරු මම මගේ ඩයරිය දැක්කේ

පැංචි ගිහින් උපාධි ගන්නට කොළොම්පුරේ
හැදිලා උණක් සතියක් හිටියලු GH හි ජපුරේ


සිතැඟිට පින් සිද්ද වෙන්න සැරිසැරුවට ජාලේ
නැහැ සතයක් වත් ගත්තේ හිත හොඳ කම ඔහුගේ

ලබන මාසේ අම්මා එනව මැද පෙරදිග සල්ලි අරන්
එතකොට ගන්නවා ජාලේ ගෙදරට මම සල්ලි බලෙන්

රන් යතුරේ ලොක්කන් අද රන් කූඩුවේ දමලා
රන් යතුරට වැඩ කල අපි මහ පාරට වැටිලා

ඉස්සර දුටු නිල් මොණරුන් නැහැ කලකින් දුටුවේ
එයින් දාපු සෙල්ලම් සිහිවි අද මට ඇඬුනේ

අනාගතේ දොරටු අරින රන් යතුරට බැඳුන දිනේ
දැකපු හීන තව දුරටත් නැහැ ඉතුරුව අපේ හිතේ

පියන් කොළුවා නැති දවසට තේ ටික හදලා දුන්නට
admin අක්කා නිවාඩු දා සේල්ස් පොතත් පිරෙව්වාට

අපේ අත්ත ගොඩ දාන්න ළමයි හොයලා ගෙනාවාට
ඉළ පතෙනුත් ගහලා මදි අපි වැඩි වැඩ පෙන්නුවාට

හිතට දුකයි, ඒ කියලා අඬන්න බෑ තවදුරටත්
කඩේ ගියා මදැයි ඉතින් අද වෙනකල් වසර තුනක්

වන්දිත් නෑ පඩියත් නෑ හුළං තමයි ඉතුරු උනේ
කොයි කාටත් පාඩම් වේවා මගේ මේ කතන්දරේ

ඔන්න ඕක තමයි උනේ බ්ලොගීට පහුගිය කාලේ
උයනවා කනවා ගෙවෙන්නේ ඔහොමයි දැන් මගේ කාලේ

එහෙනම් ඔය මදැ කිව්ව අදට ඇතිය මම ලිව්වා
තව දවසක එන්නම් එහෙනම් ඕං මම දිව්වා

P.S from LankaRising:
Bloggy is extremely talented girl. A few days ago LankaRising excerpt one of her post titled "
බස් රථය".
There are many more posts that she has posted that have cleaned pints of blood of Sri lankan blog readers. Some of really interesting posts include posts like "
බ්ලොගී මොඩිෆයි වෙලා(ද?)", "අපේ නගා සහ බියුටි කචල්". She can write with great sense of humor and a poet too. Bloggy being a human, dared to share her ups and downs of life as well.



"හිස් බව තරම් හිත විඩාපත් කරන දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. මම මේ දවස් වල විඳින්නේ ඒ හීතල හිස් ගතිය. හැමදාම උදේට දවස පටන් ගන්නේ එදා දවස ගැන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් දවස පටන් ගන්න කලින්ම ඒ සමහරක් බලාපොරොත්තු ඉටු නොවීම මිලාන වෙලා යනවා දකින කොට දරා ගන්න බැරි තරම් දුකයි. ඒ වෙලාවට කාටත් නොපෙනෙන තැනකට ගිහින් දුක තුනී වෙලා යනකල් ඉකි ගගහා අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? කවුරු හරි ඒ වෙලාවට ඇහුවොත් අඬන්නේ ඇයි කියලා මට දෙන්න උත්තරයක් නැහැ. සමහර වෙලාවට මම අඬන්නේ ඇයිද කියලා මං වත් දන්නේ නැහැ. අඬනවා කියලා දෙයක් මේ ලෝකේ තිබුනේ නැත්නම් මම මේ වෙනකොට පිපිරිලා මැරිලා ඇති.

කොච්චර නම් සතුටින් දවස පටන් ගන්න හැදුවත් මේ හේතුවක් නැති දුක ඇවිත් නිතරම හිතට වද දෙනවා. වෙලාවකට හිතෙනවා මනුස්සයෙක් නොවී ගහක් ගලක් වෙලා ඉපදිලා තිබුන නම් කියලා."
Ref-හිස් බව



When I posted one her work few days ago because I enjoyed it so much and wanted to share with all of you, I never thought that her very next post will be this poem. But that is the life. It has ups and downs.

Now she has lost her job, because the 'Goldan Key' that she chose to build her career has turned back. She is enormously talented. One of you may keep her talents emerging by helping her to get new job soon. Then she may serve the society and keep all Sri Lankan bloge readers healthy by sharing her thoughts with all of us. Its collaboration of good people that make great society.

References:
-
බ්ලොගීගේ ඩයරිය
-
සිතුවිලි නිම්නය

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising